කිසි ජගතෙකුට නතර කරන්න බැරි වෙයි….! රතන හිමි නැවතත් රට වෙනුවෙන් පාර්ලිමේන්තු වඩී….!

January 5, 2021 at 11:40 am | by emanisa.lk

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්හ.

අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගැබෙහි විපක්ෂයේ පළමු පෙළ අසුනක් වෙන්කර ඇත.

රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට වන අතර ඒ හිමියෝ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.

මේ අතර මෙවර පැවැති මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 225 වෙනුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 224 දෙනකු දිවුරුම් දී ඇති අතර එක්සත් ජාතික පක්ෂ‍යට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *