කිලිනොච්චි එක්ස්ප්‍රස් ලංකාව ම එක්සේසත් කරයි! උතුරු දකුණ යා කරමින් සුබ පැතුම් වැසි!

December 5, 2020 at 12:55 pm | by emanisa.lk

විජයකාන්ත් වියස්කාන්ත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ජැෆ්නා ස්ටෑලියැං කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලබා ගත්තේ ය.

කිලිනොච්චි එක්ස්ප්‍රරස් යනුවෙන් හඳුන්වන විජයකාන්ත් යාපනය මධ්‍යම මහා විද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යෙයකි. ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරඟාවලියකට තරඟ කළ පළමු යාපනේ ක්‍රීඩකයා ඔහු ය.

ඊයේ තරඟයෙන් ජැෆ්නා ස්ටෑලියං කණ්ඩායම පරාජයට පත්වුවද කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට විජයකාන්ත් සමත් විය.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන මෙන් ම උතුරු දකුණු භේදයක් නොමැතිව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල විජයකාන්ත්ගේ ආගමනය පිළිබඳ සිය සතුට ප්‍රකාශ කරති.

මේ අතර උතුරේ තරුණියක පවසන්නේ මෙතෙක් උතුරේ ක්‍රීඩකයෙකු නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ නොපැතූ උතුරේ ජනතාව දැන් විජයකාන්ත්ට සුබ පතන බව ය. එදා තමා එක ම ජාතියක් එක ම රටක් කී විට සිය සමීපතමයින් සිනාසුන ද අද අභිමාණයෙන් එක ම ජාතියක් එකම රටක් යැයි කිව හැකි බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *