කියන්න කනගාටුයි…! ආණ්ඩුව ළඟ දි ම පුපුරාවි…! – රාජ්‍ය ඇමැති…

December 11, 2021 at 5:42 pm | by emanisa.lk

ආණ්ඩුව කටයුතු කරන ආකාරය දෙස බැලූ විට ටික දවසකින් ආණ්ඩුවත් පුපුරනු ඇතැයි සැකයක් ඇති වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කරයි.

ආණ්ඩුව යන ගමන පිළිබඳව අවංකවම කනගාටුවක් ඇති ව තිබෙන බව ද පැවසූ අමාත්‍යවරයා මේ යන විදියට අලුත් පිරිසකට බලය ලැබෙනු ඇතැයි හැඟෙන බව ද පැවසීය.

ජනතාව 2019දී පරිවර්තනයක් සිදු කළේ මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන්දැයි ප්‍රශ්නයක් මතුව තිබෙන බව ද ඔහු කියා සිටියේය.

කොළඹ පැවැති උත්සවයයකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *