කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුවට මහා බදු පොල්ලක්….! ගිය අවුරුද්දට ගෙවා නැති සමස්ත බද්ද කෝටි 14 450කට වැඩියි….!

March 28, 2021 at 7:14 am | by emanisa.lk

කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු වශයෙන් රුපියල් මිලියන 2,670ක් (කෝටි 267ක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අය කර ගැනීමට නියමිතව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළි වී ඇත.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට අදාළ මුදල අය කර ගැනීම සඳහා නඩු පවරා ඇති බව රජයේ එහි දී අනාවරණය වී තිබේ.

ඉකුත් දෙසැම්බර් 31 වන දිනට ලබා දී ඇති හිඟ බදු විස්තරය අනුව, රුපියල් කෝටි 14,450කට අධික මුදලක් අය කර ගත හැකි හිඟ බදු මුදල් වශයෙන් දක්වා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *