සිවුරු ඇඳගත් බට්ටෝ දමා මහා නායක ස්වාමීන් වහන්සේලාටත් තර්ජනය කරමින් කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ප්රචණ්ඩත්වය සහ අරාජිකත්වය මානව හිමිකම්වලට සපුරා පටහැනි බවත් හමුදාව යොදවා ඒවා මර්දනය කරන බවත් හෙතෙම අවධාරණය කරයි.
තමා විශ්වවිද්‍යාලයෙන් අවු. 21 දී ඉවත් වුව ද වයස අවු. 31ක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවමත් විශ්වවිද්‍යාලයේ සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.
විශ්වවිද්‍යාල සිසුන් කිසිවෙකු අත්අඩංගුවේ නොමැති බවත් සිසුවෙකුට වැඩිපුර අවශ්‍ය නම් වසරක් දිය හැකි බවත් ඉන් පසු ඔවුන් සරසවියෙන් ඉවත්විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.