වසන්ත මුදලිගේට අනතුරක් වුණොත් පොලිසිය බිමට සමතලා කරනවා..! – ෆොන්සේකා…

November 10, 2022 at 3:49 pm | by emanisa.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි දැඩි ලෙස අසනීප වී ඇතැයි හිටපු අමාත්‍ය, සජබ සභාපති සරත් ෆොන්සේකා පවසයි.

වැරදිලාවත් ඔවුන්ගේ ජීවිතවලට යම් අනතුරක් සිදුවුවහොත් මේ රටේ ජනතාව පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය පොළොවට සමතලා කරනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවූයේ ය.

එසේ ම මැති ඇමැතිවරුන්ට ද රක්ෂණාවරණයක් ගැනීමට සිදුවනු ඇතැයි පැවසූ සරත් ෆොන්සේකා පසුගිය සමයේ මැති ඇමැතිවරුන්ට සැඟවී සිටීමට සිදු වූ බව ද සඳහන් කළේය.

අද (10) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *