මන්ත්‍රී අතුකෝරළ ඝාතනයට වසන්ත මුදලිගේ වගකිව යුතුයි…! – සජිත් ප්‍රේමදාස…

October 25, 2022 at 4:58 pm | by emanisa.lk

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා රට තුළ ප්‍රතිපාදන තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ පිළිබඳ කිසිදු වාද විවාදයක් තිබිය නොහැකි බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ද හෙතෙම සඳහන් කරයි.

එම මන්ත්‍රීවරයාගේ ඝාතනයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වගකිව යුතු බව ද ඊට එරෙහිව කටයුතු කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *