කැන්ටීන් අසේල පැහැරගත් CIDකාරයින්ට අපේ ආණ්ඩුවක් යටතේ පාඩමක් උගන්වනවා…! – ෆොන්සේකා….

June 29, 2021 at 11:50 am | by emanisa.lk

ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු වන අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පැහැර ගත් ආකාරය තමා දුටු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එම නිලධාරීන් අනාගත සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ නීතිය ඉදිරියට කැඳවන බව ඔහු අවධාරණය කරයි.

බුද්ධි අංශ ශක්තිමත් කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් සිය සමීපතමයින් පත්කර බුද්ධි අංශ ශක්තිමත් කළ නොහැකි බවත් සරත් ෆොන්සේකා පවසයි.

ඊයේ (28) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *