කාබනික වගාව වටිනා වැඩක්..! අවසානවට අපට ඒක විකුණගන්න බැරි වුණා…!

October 12, 2021 at 10:08 am | by emanisa.lk

කාබනික ගොවිතැන ජනාධිපතිවරයා ඉතා ම සද්භාවයෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එහෙත් කොවිඩ් වසංගතය නිසා එය ජනතාව අතරට ගෙන යාමට අවසනාවන්ත ලෙස ආණ්ඩුවට නෙහෙැකි වූ බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් කාබනික ගොවිතැනට එරෙහි වන කණ්ඩායම් එමගින් රටට අත්වන යහපත නොදකින බවට ද ඇමැතිවරයා චෝදනා කරයි.

කාබනික ගොවිතැන යනු කසළ පොහොර යොදා වගා කිරීම නොව ඉන් ඔබ්බට ගිය ඉතා ම පුළුල් විද්‍යාත්මක වැඩසටහනක් බව ද හෙතෙම අවධාරණය කළේය.

ඔක්තෝම්බර් 15 වන විට රටට ම උවමනා පොහොර බෙදා හරින බවත් ඊට පසු විපක්ෂය කුමක් කියන්නේ දැයි බලාගමු යැයි ද ඇමැති මහින්දානන්ද ප්‍රකාශ කළේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *