කාන්තාවනි, මනාප තුනෙන් එකක් මට දෙන්න…! – හිරුණිකා

March 9, 2024 at 11:37 am | by emanisa.lk

සෑම දිස්ත්‍රික්කයකින් ම ඒ ඒ පක්ෂවලින් එක කාන්තාව බැගින් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඈ පෙන්වා දෙන්නේ රටේ 52%ක් වන කාන්තාවන් සිය ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට ගෙන යාමට කටයුතු කළ යුතු බවයි.

සෑම කාන්තාවක් ම තමන්ට හිමි මනාප තුනෙන් එකක් කාන්තාවක් සඳහා ලබා දිය යුතු බවයි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *