කාදිනල්තුමා මහා සංහාරයක් වැළැක්වූ නායකයෙක්…! – අරුන්දික ප්‍රනාන්දු…

April 26, 2024 at 9:38 am | by emanisa.lk

තරුණ තරුණියන් අන්තගාමීත්වයට යෑමට ඉඩ නොතබා නිවැරදි මාර්ගය අවබෝධ කරදීම සැමගේ වගකීමක් බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

“කාදිනල්තුමා සිද්ධියෙන් පසුව දැවැන්ත සංහාරයක් වෙන්න ගිය අවස්ථාවයක් වළක්වපු නායකයෙක්. අපේ පැතිවල ඇතිවෙන්න ගිය ගැටුම් වැළැක්වුවා. වින්දිතයන්ට සෙතක් හා යුක්තිය ඉටුකිරීමට මෙන්ම සත්‍ය දැනගැනීම කාදිනල්තුමාගේ අරමුණයි.

නමුත් මේ පිළිබඳ හරි කරුණු අනුව තීරණවලට එනවානම් හොඳයි. නැවත වතාවක් මෙවැනි සිද්ධි ඇති නොවීමට වගබලාගත යුතුයි. නමුත් සිද්ධිය පිටුපස ඇතිදේ දැන ගැනීම අවශ්‍යයි. මේ සඳහා කාටවත් ඇඟිල්ල දිගු නොකර සත්‍ය තොරතුරු මත ක්‍රියාත්මක විය යුතුයි. තරුණයන් අන්තගාමී තැනට යෑමට ඉඩ නොතැබිය යුතුයි.”

පාස්කු ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදයේ දෙවන දිනය වූ ඊයේ (25) පාර්ලිමේන්තුව අමතමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *