කාදිනල්තුමා දේශබන්දු අමතයි…! සිරිල් ගාමිණී පියතුමාට එසැණින් ඇප..!

February 2, 2023 at 6:18 pm | by emanisa.lk

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා වහාම පොලිස් ඇප මත මුදා හැර තිබේ.

සිරිල් ගාමිණී පියතුමා පැදවූ රථයෙහි ඊයේ හවස 5.30ට පමණ ගැටී ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ මාර්ගය අයිනේ නතර කොට තිබූ යතුරු පැදියක සිටි පුද්ගලයෙකි. ඔහුගේ කොඳු ඇට පෙළේ අස්ථි දෙකක් බිඳී ඇති බව අනාවරණය වීමත් සමග ඊයේ (01) රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමග ම අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුරකතනයෙන් අමතා සිරිල් ගාමිණී පියතුමා පොලිස් ඇප මත මුදා හරින ලෙස දන්වා තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට පත් සිරිල් ගාමිණී පියතුමා අද උදෑසනම පොලිස් ඇප මත නිදහස් කොට ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *