ක්‍රිකට් ලොක්කන් සහ කෝප් සභාපති අතර ඩීල් එකක්…? කමිටුවට උත්තර දෙන නොදෙන හැටි කියා දෙයි..!

November 15, 2023 at 3:14 pm | by emanisa.lk

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර එම කාරක සභා රැස්වීමේ දී හැසිරුණු ආකාරය පිළිබඳ විරෝධයක් මතුව තිබේ.

පසුගියදා එම කාරක සභා රැස්වීමට ක්‍රිකට් ආයතන නිලධාරීන් කැඳවු අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කළ බවට විපක්ෂය චෝදනා කරයි.

එය බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (15) පෙරවරුවේ ඇතිවිය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *