තම පෞද්ගලික මුදලින් හෝ අධිකරණය හමුවට ගොස් ක්රිකට් ක්රීඩාව නිවැරදි මාවත වෙත ගැනීමට තමන් උත්සාහ කරන බවත් හිටපු ක්රිකට් නායක අර්ජුණ රණතුංග පවසයි.
ක්රිකට් තහනම පිණිස අඩිතාලම දැමූ අය සෙවීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් ගම්පහ ප්රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම කීය.
“රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්රමවේදයක් ඇති කරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ.
මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා. මම තීරණය කරලා තියෙන්නේ ක්රිකට් හදන්න. මේ වෙනුවෙන් මගේ පුද්ගලික ධනය වියදම් කරගෙන හරි උසාවි යන්න බලාපොරොත්තු වෙනවා.”