කහ නෑ කියල කවුරුවත් මැරිලා නෑ….! කහ නෑ කියල කෑ ගහන්නේ ජාවාරම්කාරයෝ…! – බන්දුල

March 8, 2021 at 5:15 pm | by emanisa.lk

කහ ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවත් කහ නොමැතිකම නිසා කිසිවෙකුත් මරණයට පත් වී නොමැති බවත් ජනතාව එය දරාගෙන ජීවත්වීමට පුරුදු වියයුතු බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කහ හිගය දරාගත නොහැකි වී තිබෙන්නේ ජාවාරම්කරුවන්ට මිස ජනතාවට නොවන බව ද ඔහු සඳහන් කළේ ය.

දෙවන ලෝක යුද්ධය සමයේ දී අපේ මුතුන් මිත්තන් හරියට කුසට ආහාරවේලක් නොමැතිව බජිරි කා ජීවිත ගැටගසාගෙන සිටි බවත් ඊට වඩා බරපතළ වසංගතයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී ඇතැම් අපහසුතා විඳදරා ගැනීමට ජනතාව පුරුදු වියයුතු බවත් වෙළඳ අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ඇතැම් ආහාර ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවත්, එම ද්‍රව්‍ය මේ වන විට වගා කරමින් තිබෙන නිසා ඉදිරියේ දී කිසිදු අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පවසයි.

උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍යවේදීන් බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුර ලබා දෙමින් බන්දුල ගුණවර්ධන මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *