කවුරු මොනවා කීවත් අරගලකාරයෝ හරියට හරි…! – රංජන් රාමනායක..

December 2, 2023 at 4:28 pm | by emanisa.lk

අරගලයට එකතු වූයේ මේ රටේ දුක් විඳින ජනතාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදුලිය ගෑස් නැතිව පෝලීම්වල සිටි ජනතාව අරගලය කිරීම වැරදි යැයි පාලකයින් පවසන බවයි.

එහෙත් අරගලකරුවන් හරියට ම හරි බවත් ඒ මේ රටේ බහුතර ජනතාව බවත් රංජන් රාමනායක අවධාරණය කරයි.

තමා සංචාරය කළ පොහොසත් රටවලට දර්ශනයක් සහිත නායකයින් ලැබුණ ද මේ රටට එවැනි නායකයින් නොමැති බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

පාසල් යන කාලයේ දියුණු වෙමින් පවතින රටක් බව කී ලංකාව අද බංකොලොත් රටක් වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *