ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නායකයෙකු කිසිද දිනයක රස්සාවක් ව්‍යාපාරයක් කර නෙැමැති බව සුජීව සේනසිංහ පවසයි.
අවුරුදු හැට පැන්න ද රස්සාවක් ව්‍යාපාරයක් නොකළ පිරිසක් රටක් කරවන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
එදා ගෝඨාභය රාජපක්ෂ මෙන් ම අනුර කුමාර දිසානායක ද කිසිදා ඉටු කළ නොහැකි පොරොන්දු දෙමින් ජනතාව මූලා කරමින් ඇතැයි ද සූජීව සේනසිංහ චෝදනා කරයි.
රාජපක්ෂලා හොරකම් කළ ධනය නැවත රටට ගෙන ඒමට පෙර තමන්ගේ පක්ෂයට ලැබුණු මුදල් විගණනය කර පෙන්වන ලෙස ඔහු අනුර දිසානායකට අභියෝග කරයි.