කලකිරුණු දයාසිරිට එජාපයට…! නි. සංවිධායක ධූරයක් සූදානම්..!

August 20, 2023 at 9:30 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් තීන්දු තීරණ නිසා දැඩි කලකිරීමට පත්ව ඇතැයි ස්වාධීන රූපවාහිනිය වාර්තා කරයි.

මේ නිසා ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා පිල් මාරුවකට සූදානමින් සිටින බව ද එම වාර්තාව කියා සිටියේය. ඔහු කලක් එජායෙන් දේශපාලනය කළ අයෙකි.

මේ වන විටත් එජාපයට එකතු වීම සඳහා සාකච්ඡා කර ඇති අතර තමන්ට පක්ෂයේ ප්‍රධාන තනතුරක් හෝ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය ලබාදෙන ලෙසද ඉල්ලා ඇති බව ද වාර්තාවේ සඳහන් වෙයි.

නමුත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැඩි විරෝධය එල්ල කර ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර දයාසිරි ජයසේකර එජාපයට එකතු වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් තුන් දෙනෙකු පත් කිරීමට ද ඉන් එක ධූරයක් දයාසිරි ජයසේකරට ලබා දීමට ද යෝජනා වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසිරි ජයසේකර මහතා අදාළ ප්‍රවෘත්ති වාර්තාව සම්ර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. අදාළ පුවත සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවයෙන් විමසීමේදී එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් එවන ලද්දක් බව පැවසූ බව ද මන්ත්‍රීවරයා කීය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ මාධ්‍ය එකේ විසින් මේ ආකාරයේ කුමන්ත්‍රණයක් දියත් වන බවත් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන තිසර ගුණසිංහ ඇතුළු පිරිස මීට වගකිව යුතු බවත් මහ ලේකම්වරයා තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *