13 පූර්ණ ලෙස බලාත්මක කළ යුතු බව ශ්‍රීලනිප ස්ථාවරයයි…! – දයාසිරි ජයසේකර…

July 26, 2023 at 8:39 am | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ වුව ද පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වෙත ලබා දීමේ දී ක්‍රමානුකූලව එය කළ යුතු බව 2017-2019 කාලයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී ද සිය පක්ෂය පෙන්වා දුන් බවයි, මහ ලේකම්වරයා සඳහන් කළේ.

දකුණේ ජනතාවගේ අභිලාෂ ගැන ද සැලකිලිමත් වන අතර උතුරේ ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ශ්‍රීලනිපයේ මතය බවයි, දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *