කලකට පසු සජිත් ඇල්ලේ හිමි සොයා යයි! අනාගත සැලසුමට සඟ රුවනේ ආශීර්වාදය පතයි!

December 16, 2020 at 9:05 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක්කේ ය.

ඉදිරියේ දී සමාජ සංස්කෘතික පුනර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව පැවසූ සජිත් ප්‍රේමදාස ඒ සඳහා එහිමියන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටියේ ය.

යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලව තම ආශිර්වාදය හිමි වන බව එහි දී ඇල්ලේ ගුණවංශ හිමි පැවසූ අතර සුචරිත ව්‍යාපාරය පිළිබඳව සිය ප්‍රසාදය ද පළ කළේ ය.

ජාති, ආගම් වැනි පටු භේදවලින් මිදී එක ම රටක එකට සහෝදරත්වයෙන් ජීවත් වීම සිය දේශපාලන බලවේගයේ ප්‍රාර්ථනාව බව පැවසූ විපක්ෂ නායකයා තව දුරටත් බෙදී වෙන් වීමෙන් රටට උදාවන යහපතක් නැතැයිද කීය.

ජාතිවාදය තමන්ද පිටුදකින බව පැවසූ ඇල්ලේ හිමි මේ රටේ සියලු ජනයා සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් විය යුතු බවද කී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස