කලකට පසු ලංකා තානාපති සේවයෙන් ඇඟට දැනෙන වැඩක්…! සංචාරක කර්මාන්තය නංවන්න ජපන් තානාපති අංශ පෙරට…!

November 8, 2021 at 6:00 pm | by emanisa.lk

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අඩපණ වූ මෙරට සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම වෙනුවෙන් ජපානයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරනු ලබන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සංජීව ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී හෙට (9) පැවැත්වේ.

මේ සඳහා 200 ට ආසන්න ජපන් සංචාරක නියෝජිත ආයතන නියෝජිතයන් මෙන් ම මෙරට ප්‍රධාන පෙලේ සංචාරක නියෝජිතායතන ද එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි තානාපතිවරයා සඳහන් කළේය.

සංචාරක මණ්ඩලයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක්ව අදහස් දැක්වීමට නියමිත ය.

සංස්කෘතිය හා කලාව, ආයුර්වේදය, වෙරළ තීරයන් වැනි සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අංශ පිළිබඳව ඔවුහු මෙහිදී අදහස් දැක්වීමට සුදානමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *