කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සම ඉවත දමයි!

July 21, 2020 at 4:29 pm | by emanisa.lk

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ නැඟෙනහිර නායක හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

කඩුවෙල නගර සභාවේ ජාතික හෙළ උරුම නාගරික මන්ත්‍රීවරයෙක් වන බෝසත් කලහපතිරණ විසින් කරුණා අම්මාන් විසින් සිදුකළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *