කරුණාගේ සහාය ජනපතිට…!

June 19, 2024 at 5:49 pm | by emanisa.lk

උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බව විනයාගමූර්ති මුරලිදරන් ( කරුණා අම්මාන්) පවසයි.

“ඊළඟ ධූර කාලයත් අපි ඔහුටම ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මමත් ඔහුට සහයෝගය දෙන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අනිවාර්යයෙන්ම ඔහුට තමයි ඡන්දය දෙන්න යන්නේ.

ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාම ලෑස්තියි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න. ඒ නිසා තමයි මමත් මගේ පක්ෂයත් ඔහුට සහයෝගය ලබාදෙන්නේ.”

එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *