විදුලි ගාස්තුව සඳහා සහනාධාර ලබා දිය නොහැකි බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
රට අද මේ තත්ත්වයට පත්වූයේ සහනාධාර නිසා බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.
සූර්ය පැනල සඳහා සහන පොළියට ණය ලබා දීම ඔස්සේ විදුලි අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ, විදුලි බිල වැඩි බවට කෑ ගසන්නේ V 8 සුඛෝපභෝගී රථවල ගමන් කරන ස්වාමීන් වහනසේලා බවය.