කබීර්, කිරිඇල්ල සහ නලීන්ගේ බොරු දේශප්‍රේමි සළු ගැළවෙයි…! එජාපය තෙල් ටැංකි ඉන්දියාවට පාවා දුන් හැටි ගම්මන්පිල අකුරින් අකුර හෙළි කරයි…!

October 6, 2021 at 6:50 pm | by emanisa.lk

තිරිකුණාමල තෙල් ටැංකි සමූහය 2003 එජාප ආණ්ඩුව සහ 2015 යහපාලන ආණ්ඩුව ඉන්දියාවට සම්පූර්ණයෙන් බදු දී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

මෙම ගිවිසුම 2023 නොව 2038 අවසන් වන නමුත් ඉන්දු ලංකා ගිවිසුම අනුව එය වෙනත් කිසිදු රටකට ලබා දිය නොහැකි බවත් ඇමැතිවරයා ව්‍යවස්ථා වගන්ති උපුටා දක්වමින් පැහැදිලි කළේ ය.

කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, නලීන් බණ්ඩාර එවැනි ගිවිසුමක් නොමැති බව පැවසුව ද මෙම කරුණු මගින් ඔවුන් පවසා ඇත්තේ බොරුවක් බව තහවුරු වන බවත් බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

ආසියාවේ බලශක්ති කේන්ද්‍රය ලෙස අපට හිමිව තිබූ අවස්ථාව මේ වන විට සිංගප්පූරු හිමිකර ගෙන ඇති බවත් එම අවස්ථාව නැවත මව්බිමට දිනා ගැනීමට මෙම තෙල් ටැංකි නැවත රටට ලබා ගැනීමට පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්වල සහාය ලබා දෙන ලෙසත් ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස