ගම්මන්පිලයි මොරගොඩයි මහා පාවාදීමක…! තිරිකුණාමල තෙල් ටැංකි අවු. 50කට ඉන්දියාවට…!

October 2, 2021 at 8:48 pm | by emanisa.lk

තිරිකුණාමල තෙල් ටැංකි පරිශ්‍රය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව සැරසෙන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසයි.

මේ වන විට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද තිරිකුණාමල ප්‍රදේශයට ගොස් ඇති බවත් ඉන්දියානු තෙල් සමාගමේ නියෝජිතයින් ද තෙල් ටැංකි නිරීක්ෂණයට ගොස් ඇති බවත් ඉන්දියානු විදේශ ලේකම්වරයා ලංකාවට පැමිණෙන්නේ ද ඒ සඳහා බවත් වෘත්තීය සමිති චෝදනා කරයි.

2002 මෙම තෙල් ටැංකි ඉන්දියාවට වසර 35කට බදු දුන්නේ එවක එජාප ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා විද්‍යා තාක්ෂණ ඇමැති ධූරය හෙබ වූ මිලින්ද මොරගොඩ බවත් ඔහු අද ඉන්දියානු මහ කොමසාරිස් ධූරයට පත්ව ඇති බවත් ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත පවසයි.

මේ වන විට නැවත අවුරුදු 60කට අදාළ ටැංකි පරිශ්‍රය ඉන්දියාවට බදු දීමට ආණ්ඩුව සූදානම් වන බවටත්
තමන් ආණ්ඩුවේ එම උත්සාහය පරාජය කරන බවටත් එම වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස