කබ්රාල් බැඳුම්කර මංකොල්ලය යට ගහන්න හදනවා..! මහ බැංකු මූල්‍ය ලේකම් අයින් කළේ ඒකයි…! – රෝහිණී කවිරත්න…

September 19, 2021 at 5:19 pm | by emanisa.lk

මහ බැංකු මුල්‍ය මණ්ඩල ලේකම් ඉවත් කිරීම, පැරණි බැංකු මංකොල්ල වැසීම හා තවත් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භය වනු ඇතැයි මාතලේ දිස්ත්‍රික්ක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි

බැඳුම්කර ජනාධිපති කොමිසම, ඊටීඅයි ෆිනෑන්ස් ඉන්වෙස්මන්ට් විගණනය, වෝහාරික විගණන මුල්‍ය විනය සම්බන්ධයෙන් සුවිශේෂී වූ විගණනයන් වෙති.

මෑත කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ දැවැන්ත වංචා – දුෂණ – අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්භීත හා අදීන ලෙස කටයුතු කළ සහකාර අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල මුල්‍ය මණ්ඩල ලේකම් ධූරයෙන් ඉවත් කර ඇත.

එය මහ බැංකුවේ ‘මහා මුල්‍ය අපරාධ වසා ගැනීම සඳහා වන පළමු පියවර වනු ඇති අතර තවත් වරක් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භය වනු ඇතැයි මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.

ඇය එම කාරනා සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *