කපිලගේ අභිරහස් මරණයත් සමගම මහින්ද අල්ලස් කොමිසමට කැඳවයි…!

May 10, 2026 at 10:05 am | by emanisa.lk

වත්මන් රජය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කරගනිමින් දේශපාලන ගමනක යෙදීමට උත්සාහ කරන්නේ නම්, රජයට වරදින පළමු තැන එය වනු ඇති බව නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවට කැඳවීම සහ ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය අතර බරපතල සැකසංකා පවතින බවයි.

හිටපු ජනාධිපතිවරයාව අල්ලස් කොමිසමට කැඳවා ඇති බවට සතියක පමණ කාලයක සිට විවිධ ප්‍රචාරයන් පැතිර ගියද, 09 වැනිදා උදෑසන වනතුරුත් එවැනි කිසිදු නිල දැනුම්දීමක් සිදු කර නොතිබූ බව නීතිඥවරයා අනාවරණය කරයි.

කෙසේ වෙතත්, 08 වැනිදා දින කපිල චන්ද්‍රසේනගේ මරණය සිදුවීමෙන් පසු, එළැඹෙන 12 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නිල දැනුම්දීමක් අද දිනයේ ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

නිල දැනුම්දීමක් කිරීමට පෙර සිටම ආණ්ඩු පාර්ශ්වයෙන් ගෙන ගිය ප්‍රචාරයත්, කපිල චන්ද්‍රසේනගේ මරණයත් සමඟ වහාම ක්‍රියාත්මක වී ඇති මෙම කැඳවීමත් දෙස බලන විට මෙහි යම් ක්‍රියාවලියක් පවතින බවට සැක උපදවන බවද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *