කපිල චන්ද්‍රසේනගේ මරණය සුළුවෙන් තකන්න බෑ… ආණ්ඩුවේ දූෂණ හෙළිකළ අය එකාපිට එකා මැරෙනවා….!

May 8, 2026 at 4:58 pm | by emanisa.lk

ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ මරණය සුලුවෙන් තැකිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ නඩුවකට පැටලවීමට උත්සාහ කළේ කපිල චන්ද්‍රසේන හරහා බව ඔහුගේ දිවුරුම් ප්‍රකාශයෙන් රටම දැනගෙන අවසාන බවයි.

දින කිහිපයකට පෙර ඇප ලබාගත් කපිල චන්ද්‍රසේන, ඇපකරුවන් දෙදෙනාගේ ගැටලුවක් මුල්කරගෙන නැවත අත්අඩංගුවට ගෙන නඩුව අවසාන වන තුරු රඳවා තබා ගැනීමේ සැලසුමක් තිබී ඇති බවද සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේනට එම ඇපකරුවන් හඳුන්වා දුන්නේ කවුද ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසමේ සම්බන්ධයක් තිබේද ඇපකරුවන්ගේ ප්‍රශ්නය අල්ලස් කොමිසම වහාම හඳුනාගත්තේ කෙසේද යන්න පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරයි. ඒ සඳහා අධිකරණ පරිශ්‍රයේ CCTV දර්ශන ඇතුළු සාක්ෂි භාවිත කළ හැකි බවද සාගර කාරියවසම් අවධාරණය කරයි.

භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 800ක හොරකම ගැන පැමිණිලි කළ නිලධාරියා සියතින් බල නහර කපාගෙන මිය ගියා කියලා ජනතාවට දැනගන්න ලැබෙන බවත්, රංග දිසානායකට විරුද්ධව ප්‍රකාශයක් කළ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයා අභිරහස් ලෙස මරු දකින බවත් මේ සියල්ල ගැන විමර්ශන කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *