ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගනී… මරණ තර්ජන ගැන උසාවියට දිවුරුම් ප්‍රකාශයක් දීලා…!

May 8, 2026 at 10:31 am | by emanisa.lk

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී අද (8) උදෑසන පොලිසිය විසින් සොයාගෙන ඇත.

කොල්ලුපිටියේ පේදිරිස් මාවතේ පිහිටි නිවසක තිබී සිරුර හමු වී ඇති අතර මෙය දිවි නසාගැනීමකද යන්න පරීක්ෂණ කෙරෙන බව පොලීසිය කියයි.

කපිල චන්ද්‍රසේන ප්‍රශ්න ගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටි අතර අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහු යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (7) නියෝගයක් නිකුත් කර තිබිණි.

කපිල චන්ද්‍ර සේන මීට මාස දෙකකට පමණ පෙර අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කර තිබුණේ අල්ලස් විමර්ශන කොමිසමේ සභාපති රංග දිසානායක තමන්ට තර්ජනය කළ බවයි. එම දිවුරුම් ප්‍රකාශයේ දැක්වෙන පරිදි රංග රාජපක්ෂ අත්අඩංගුවේ සිටි කපිල චන්ද්‍ර සේන කැඳවා මෙලෙස තර්ජනය කර ඇත.

“මේ ඔයාගේ අන්තිම චාන්ස් එක. මීට සති දෙකකට තුනකට කලින් මේ වගේම කෙනෙක් ආව. තමුනුත් දන්නවා ඇති නෙ කවුද කියලා. දන්නේ නැත්නම් මම කියන්නම්. ඒ කෙහෙළියගේ නඩුවේ කෙනෙක්. මිනිහාට මම චාන්ස් දෙකක් දුන්නා. ගත්තේ නෑ. මිනිහට ඉන්ඩයිටමන්ට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා. තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා. මහ එකාගේ නමයි, පොඩි එකාගේ නමයි කියනවා. අනික තමුන්ගේ වයිෆ්. …. ඇයි තේරුණේ නැද්ද? මහින්දයි නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලාම දාන්න. ඒක මම කරනවා. මේ චාන්ස් එක ගන්නවා. නැත්නම් ඉතින් තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ. බෙල්ල වැලලා ගන්න තැනට මම වැඩ කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *