කතෝලික මට වෙච්චි අසාධාරණේ වතිකානුවට කියනවා! – හරීන්

September 21, 2020 at 9:33 pm | by emanisa.lk

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මුල් කොට ගෙන දිගින් දිගට ම විවිධ පාර්ශ්ව තමන්ට කරන ගැරහීම් හා විවේචන පිළිබඳව තමා වතිකානුව දැනුම්වත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පියා තමාට කළ දැනුම්වත් කිරීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ යහපත් චේතනාවෙන් බවත් එය දැන් තමාට පාරාවලල්ලක් වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

සැමගේම බේරිල්ල සදහා කතෝලිකයෙක් වන තමා ඉලක්ක කර එල්ල කරන මෙම ප්‍රහාර පිළිබඳව නිකන් බලා සිටීමට තමා තවදුරටත් සුදානම් නැති බවත් මේ සම්බන්ධයෙන් වතිකානුව දැනුම්වත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස