කතරගම දෙවියන්ට කපුවෝ පොකට් යති…! පූජා වට්ටි පඬුරු මුදල් සියල්ල උස්සති..! දේවාලෙට රුපියලක් නෑ…! – බස්නායක නිලමේ…

November 21, 2022 at 8:58 am | by emanisa.lk

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ දේවලයේ සංවර්ධන කටයුතු සඳහා නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර පවසයි.

එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බවට බස්නායක නිලමේවරයා චෝදනා කරයි.

“ඉල් මහා පෙරහැර මංගල්‍ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තිබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්‍යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්‍රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා.

ඒ නිසා මේ වන විට දේවාලයට බැතිමතුන්‌ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ පුද්ගලික පරිහරණය සඳහා යොදවනවා. මේ වන විට වැඩි මාස දෙකේ සල්ලිවත්, අනෙක් මාසවල සල්ලිවත් සියල්ල ලැබෙන්නේ නැහැ. පූජා වට්ටියේ තිබෙන බැතිමතුන් තිබෙන සියලුම මුදල් ඒ කපු මහත්තවරුගේ ගෙවල්වලට ගෙනියනවා. ඒ කපු මහත්වරුගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා.

ඒ වගේම දේවාලයට ලැබෙන රත්‍රං ඇතුළු පූජා භාණ්ඩ දේවලෙයෙන් රිසිට්පතක් කැඩුවේ නැත්නම් ඒ කපුමහත්වරු ගෙදර ගෙනියනවා. හැබැයි විහාර දේවාලගම් පනත අනුව මේ මුදල් පරිහරණය වියයුත්තේ මේ ක්‍රමයට නෙමෙයි. විහාර දේවාලගම් පන‌තේ බොහොම පැහැදිලිව තියෙනවා බැතිමතුන්ගෙන් ලැබෙන පුද පඬුරු කොහොමද පරිහරණය කරන් ඕනේ කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *