අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
“අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා.
ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇති වුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි.”
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේ දී අදහස් දක්වමිනි.