අත්‍යවශ්‍ය ආහාරපානත් ඖෂධත් නිවසේ ගබඩා කරගන්න…! – හමුදාපති….

May 20, 2021 at 2:23 pm | by emanisa.lk

21 වැනි දා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුළ එක් රැස් කර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවද යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

එහි දී යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී කටයුතු සිදු කිරීමට ඉඩ නොලැබෙන බවයි.

දීර්ඝ කාලයක් සංචරණ සීමා පැනවීමෙන් පවතින රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශවලට රුකුලක් ලැබෙන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස