ඖෂධ මාෆියාවේ දැඩි බලපෑම්…! SPC සභාපති ඉල්ලා අස්වෙයි…!

November 1, 2021 at 9:13 pm | by emanisa.lk

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය තනතුරෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවත්, රටේ විශාල ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව. පවසා සිටියේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 50වැනි රාජ්‍ය ඔසුසැල ශාඛාව හොරණ නව බස් නැවතුම්පොළ සංකීර්ණයේදී විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා,

“පැහැදිලිවම මේ රටේ ඖෂධ මාෆියාවක් තිබෙනවා. ඖෂධ මාෆියාවේ ප්‍රතිඵල අපට වරින්වර පෙනෙනවා. එන්නත් ගෙන ඒමේදී විවිධ බාධක කරදර ආවා. ඖෂධ මිල දී ගැනීමේ දී විවිධ ප්‍රශ්න එනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා තමන්ගේ තනතුරෙන් ඉවත්වෙන බවට දැනුම් දීලා තිබෙනවා.

ලංකාවේ පමණක් නෙමෙයි ලෝකෙ පුරාම ඖෂධ මාෆියාවක් තිබෙනවා. ඒක පහළ මට්ටම දක්වාම ඇවිත් තිබෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. මෙවැනි වසංගත කාලයකදී ඖෂධ පිළිබඳ වෛද්‍ය උපකරණ පිළිබඳ කාක්කො බලාගෙන ඉන්නවා. අපි ඒවට මුහුණ දී ගෙන ඇදගෙන යනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස