වෙඩි තැබීමේ ශූරියගේ පුහුණුකරුට ඔලිම්පික් වරම් නෑ…! ක්‍රීඩා නිලධාරියෙක් සොඳුරු ජපන් සංචාරයට සූදානම්….!

July 5, 2021 at 4:39 pm | by emanisa.lk

තෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වන ටෙහානි එගොඩවෙලට එහි යෑමට සිදුව ඇත්තේ ඇයගේ පුහුණුකරු රහිතව බව වාර්තා වේ.

ඒ ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා ටෙහානි සමග යෑමට ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනයේ ලේකම්වරයා සැලසුම්කරගෙන සිටින නිසා ය.

වසර 2018 සිට එයා රයිෆල් 10m එසව්වේ ජාතික ශූරිය වන ටෙහානිගේ පුහුණුකරු ලෙස යූ.එම්. ප්‍රේමලාල් වසර 9ක් පමණ කටයුතු කළ ද ඔහු ඉංගිරිසි භාෂා ප්‍රවීණයකු නොවන බව පවසමින් අදාළ නිලධාරියා ඔලිම්පික් යාමට සූදානම් වන දැනගන්නට තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවට ද ඒ සඳහා මැදිහත්වන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *