ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කළ දෛර්වන්ත නායකයා හිටපු ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ බව ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු මෙන් ම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ සමීපතමයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි.
තවත් අවුරුදු කිහිපයකින් මහින්ද රාජපක්ෂ නාමය, ඇමරිකානු සිවිල් යුද්ධය අවසන් කර රට නැවත එක්සත් කළ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ට සමාන කොට ඉතිහාසයේ ලියැවෙනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂගේ නායකත්වයට සහ ඔහු පෙනී සිටින ජාතිකවාදයට ඉන්දියාව ගෞරව කරන බව ද ආචාර්ය ස්වාමී අවධාරණය කරයි.
සිය උපන් දිනය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ යොමු කළ ට්විටර් සුබ පැතුමකට පිළිතුරු සපයමින් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මේ බව පවසා තිබේ.
Thank you. Your father is a gutsy builder of the united Sri Lanka. In years ahead he will be compared to Abraham Lincoln. We in India respect his leadership and nationalism. You have a great legacy ahead to guide you.
— Subramanian Swamy (@Swamy39) September 16, 2021