ඒකාධිපති තීන්දු නොගත් රටවල් කොවිඩ් පාලනය කළා…! – බිමල්…

May 27, 2021 at 12:18 pm | by emanisa.lk

ඒකාධිපති තීන්දු නොගෙන මධ්‍යගත තීන්දු තීරණ ගත් රටවල් රැසක් කොවිඩ් වෛරසය සාර්ථකව මැඩ පවත්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

සමාජවාදී තරුණ සංගමයේ Online සංවාදයකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පෙන්වා දුන්නේ ධනේෂ්වර රටවල් පවා මධ්‍යගත සැලසුම් අනුගමනය කරමින් කොරෝනා මැඩපැවැත්වීමෙන් සාර්ථක වී ඇති බවය.

මධ්‍යගත සැලසුම් සහ මධ්‍යගත ආර්ථිකය සුදුසු නොවන බවට මේ දිනවල තර්කයක් ගොඩනගා ඇති නමුත් කොරෝනාවලින් යම් සාර්ථකත්වයක් ලබා ගත් සෑම රටකම පාහේ මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක වූ බව පෙන්වා දෙන බිමල් රත්නායක නවසීලන්තය එයට උදාහරණයක් බවට සඳහන් කරයි.

නවසීලන්තය ධනේශ්වර රටක් වුවත් එහි පාලනය මධ්‍යගත බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *