ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව සියලු පක්ෂ එකතු විය යුතුයි…! – මුජිබර් රහුමාන්…

March 27, 2023 at 8:00 am | by emanisa.lk

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ගමනට එරෙහිව විපක්ෂයේ සියලු ම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එක පෙරමුණකට එක් විය යුතුව ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

අධිකරණය සහ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමි කර ජනතාවගේ ඡන්ද අයිතියට පයින් ගසා ආණ්ඩුව ගෙන යන ඒකාධිපති වැඩපිළිවෙළ පරාජය කළ යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා සහ ජාත්‍යන්තරය මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරද්දි ජනපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මැතිවරණ මගහරිමින් සිටින බවත් පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී කැඳවූ මාධ්‍ය හමුවක දී ඊයේ (26) ඔහු පැවසීය.

කල් ඉකුත් වූ පළාත් පාලන ආයතන සඳහා අනු කමිටු පත්කර ඒ සඳහා ආණ්ඩුවේ හෙන්චයියන් පත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මුජිබර් රහුමාන් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *