එහෙම ආවට ගියාට අපි CID කැඳවන්න බෑ…! අපි මන්ත්‍රීලා…!- නලීන් බණ්ඩාර..

April 1, 2021 at 10:39 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳ වූ පමණින් තමන්ගේ රාජකාරී අතහැර එහි යාමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ විමසා තමන්ට පහසු දිනයක් ඒ සඳහා ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

තමා මන්ත්‍රී පාට් නොදාන බවත් මන්ත්‍රීවරයෙකු ලෙස ඒ පිළිබඳ විමසීමට අයිතියක් ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලි පිළිබඳ නලීන් බණ්ඩාර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විමසීමට නලීින් බණ්ඩාර අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද එහි නොයාම පිළිබඳ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය විමසූ විට මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *