එන්නේ ජනතා සේවයට නම් මන්ත්‍රීලට විශ්‍රාම වැටුප් මොකට ද? හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අහෝසි කරනු…! – රාසමාණික්කම්…

November 15, 2021 at 12:43 pm | by emanisa.lk

ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකට දැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් ප්‍රශ්න කරයි.

මන්ත්‍රීවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් මේ බව පැවැසීය.

එසේ ම හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ද අහෝසි කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.
අවුරුදු තිස් එකක් වයස තමාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විශ්‍රාම වැටුප නැති කළහොත් සමහර මන්ත්‍රීවරුන් බලයේ සිටිය දී විවිධ දූෂණ ක්‍රියාවලට වැඩි වශයෙන් යොමු විය හැකි බවත් පසුගියදා පැවැත්වුණු එක්තරා සාකච්ඡාවක දී එවැනි සූදානමක් ගැන කතාවක් සිදුවී ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බවත් රාසමාණික්කම් වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස