එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන ගඟ ඉහළ කෝරළේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් අටදෙනකු සහ පස්බාගේ කෝරළේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීන් දෙදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.
ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට එක් වූ අවස්ථාවේ දී මෙම හමුව සිදුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙළට සම්පූර්ණ සහාය දක්වන බව ඔවුහු පැවසූහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් නාවලපිටිය බස් නැවතුම්පළ ඉදිරියේ මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.