එජාප මන්ත්‍රි ධුරය රනිල්ට ම විතරයි..! වෙන කෙනෙකුට දුන්නොත් පක්ෂය කැඩෙනවා..!- වජිර…

January 19, 2021 at 8:55 am | by emanisa.lk

එජාපයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන්නේ පක්ෂ නායකයා ලෙස ඔහු ම තීරණය කරන දිනයක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඊයේ (18) ප්‍රකාශ කළේය.

එතෙක් එජාප අසුනට කිසිවෙකු පාර්ලිමේන්තුව නියෝජනය නොකළා යැයි ප්‍රශ්නයකුත් නොමැති බවත් අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ද ඔහු කීය.

වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වය සහ මෙම වසරේ අගෝස්තු වන විට රට පත්වන තත්ත්වය ගැන අවධානය යොමු කර පක්ෂ ඒකමතිකව තීරණය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව යැයි ද ඔහු එය ප්‍රතික්ෂේප කර නැතැයි ද සභාපතිවරයා කියයි.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පණිවුඩය ගෙන යා යුත්තේ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ බව ද තාවකාලිකව මෙම මන්ත්‍රී ධුරය ලබාදෙන ලෙස ඇතැමුන් ඉල්ලා සිටියත් එසේ කළහොත් එජාපය කැඩෙනු ඇති බව ද හෙතෙම පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *