එජාප බිම් මට්ටම සමගි බලයට එකතු කරගන්න වැඩ කරනවා..! – තිස්ස…

January 30, 2022 at 10:25 pm | by emanisa.lk

සමඟි ජන බලවේගය හැම විට ම විවෘත බවත්  ආණ්ඩුවට එරෙහිව එකපෙළට සිට ගැනීමට සැමට ආරාධනා කරන බවත් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

මේ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳ වැටීම සමාජය තුළ බරපතල ලෙස තිබෙන බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම නිසා හැම විට ම එකට එක්ව වැඩ කළ යුතු අතර එය එජාපයට ද අදාළ වුව ද ගැටලුව වන්නේ එජාපයේ ඇතැම් නායකයන්ගේ ක්‍රියාකලාපය බව ද තිස්ස අත්තනායක ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ වන විට බිම් මට්ටමේ සිටින එජාප ක්‍රියාකාරිකයින් සමඟි බලයට එකතු කර ගැනීමේ ව්‍යාපාරයක යෙදෙමින් සිටින බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස