එජාප නායකත්වයේ කිසිම වෙනසක් නෑ! පළාත් සභා මැතිවරණය තෙක් නායකත්වය රනිල්ට!

August 15, 2020 at 11:37 pm | by emanisa.lk

පසුගිය සමයේ එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් වන බව පැවසුව ද මේ වන විට එම තීන්දුව වෙනස් වී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය මහා මැතිවරණයට තරඟ කර පරාජයට පත් අපේක්ෂකයන් සමග අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක දී මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව එළඹෙන පළාත් සභා මැතිවරණයට තරුණ නායකත්ව මණ්ඩලයක් යටතේ ශක්තිමත් ලෙස මුහුණ දීමටත් එතෙක් රනිල් වික්‍රමසිංහ නායකත්වයේ සිටීමටත් තීන්දු කර ඇති බව දැනුම් දී ඇත.

පසුගිය ආණ්ඩුව දිගින් දිගටම කල් දැමූ පළාත් සභා මැතිවරණය එළඹෙන ජනවාරි හෝ එයින් පසු පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස