2015 වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එජාපයට සම්බන්ධ ආචාර්යවරු 65ක් සිටි බව මහාචාර්ය එම්.ඕ.ඊ. ද සොයිසා පවසයි.
එහෙත් අද වන විට එම පිරිස 10 දක්වා වැටී ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මේ සඳහා වගකිව යුත්තේ පක්ෂ නායකත්වය බවත් ඔවුන් කැඳවා තේ කෝප්පයක් ලබා දී කතා කිරීමට පවා පක්ෂය කටයුතු කළේ නැති බවත් මහාචාර්ය එම්.ඕ.ඊ. ද සොයිසා සඳහන් කරයි.
එජාප හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.