එක රටක් එක නීතියක් දැක්ම යථාර්ථයක් වෙයි…! බහු විවාහ, ළමා විවාහ සහ කාති උසාවි අහෝසියි….!

March 6, 2021 at 1:50 pm | by emanisa.lk

වයස අවුරුදු 18ට අඩු තරුණියන් ඔවුන්ගේ ලිඛිත කැමැත්ත නොමැතිව විවාහ කිරීම වැළැක්වීම සඳහා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වෙයි.

එසේ ම විවාහ කිහිපයක් (බහු විවාහ) කරගැනීම සඳහා මුස්ලිම් විවාහ නීතිය අනුව මෙතෙක් පැවැති ඉඩකඩ ද අහෝසි කිරීමට තීන්දු කර තිබේ.

එසේ ම ඉතා පහසුවෙන් මුස්ලිම් කාන්තාවන් දික්කසාද කරන කාති උසාවි වෙනුවට රටේ පොදු නීතිය ඒ අයටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

මෙතෙක් පැවති විවාහ නීතිය අනුව මුස්ලිම් දැරියකට විවාහ වීමට වයසක් නියම කර නොතිබිණි. පියා, බාප්පා හෝ සහෝදරයකුගේ අනුමැතිය මත කුඩා දැරියක් පවා විවාහ කරවීමට හැකියාව තිබිණි.

නව නීතියත් සමඟ ඒ සියල්ල අහෝසි වන අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *