එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගත්තේ ආණ්ඩුවේ වරදින්….! ඒ නිසා කිසි ම වන්දියක් ලැබෙන්නේ නෑ…! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය…

June 4, 2021 at 9:09 pm | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නොෟකාවේ ගින්න ඇති වූයේ ලංකාවේ වරදින් බව කියා වන්දි ගෙවීම මගහැර යාමට නැව හිමි එක්ස්ප්‍රස් ෆීඩ් සමාගම ක්‍රියාකරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

මෙම ගින්න සම්බන්ධයෙන් එක්ස්ප්‍රස් ෆීඩ් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ෂුමෙල් යෝස්කොවිට්ස්ගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ එය බව ද පුබුදු ජයගොඩ පෙන්වා දෙයි.

එසේ ම මෙම නැවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීම, නැවේ ගින්න නිවීමට පූර්ව සූදානමක නොසිටීම සහ ජාත්‍යන්තර ආධාර නොපැතීම ආදී බරපතළ අඩුපාඩු ලංකා ආණ්ඩුව සිදුකර ඇති බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *