එක්ස්ප්‍රස් ෆර්ල් සමාගමේ නෞකාවක් ලංකා අත්අඩංගුවට..! නිදහස් කරන්න ඩොලර් ලක්ෂ 06ක වන්දියක් ඉල්ලයි..!

February 7, 2022 at 1:20 pm | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ නෞකාවක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී අධිකරණයෙන් ලබා දුන් විශේෂ නියෝගයකට අනුව වෙළෙඳ නාවික අධ්‍යක්ෂ කාර්යාලය භාරයට ගෙන තිබේ.

කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් කොහිමා නමැති නෞකාව පෙරේදා (5) රාත්‍රියේ දී මෙලෙස වෙළෙඳ නාවික අධ්‍යක්ෂ කාර්යාලයේ භාරයට ගෙන ඇත්තේ කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් 4 වැනිදා ලබා දුන් නියෝගයකට අනුවය.

ඉකුත් වසරේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදුබත් වූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 6 කට අධික වටිනාකමින් යුත් බහාලුම් 6ක් අයත්ව තිබූ සමාගමක් ඒ වෙනුවෙන් හානිපුරණය කිරීම වෙනුවෙන් මීට ඉහතදී නීතිමය පියවර ගෙන තිබිණි.

එහෙත් එම හානිපූරණය කිරීම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම සම්පූර්ණ කර නොතිබීම මත එක්ස්ප්‍රස් කැහිමා නමැති නෞකාව රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණය මගින් නිකුත් කර තිබේ. නාවික නීතිය අනුව මෙවැනි තත්ත්වයක දී අදාළ සමාගමේ වෙනත් නෞකාවක් රඳවාගෙන හානිපූරණ සුරක්ෂිතයක් ලෙස තබා ගැනීමට හැකි වන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස