එංගලන්ත කොරෝනා ප්‍රභේදයට බිය විය යුතු නෑ…! ඊට එරෙහිව එන්නත හොඳින් ප්‍රතිචාර දක්වනවා…! – මහාචාර්ය නීලිකා මලවිගේ

February 16, 2021 at 10:17 pm | by emanisa.lk

එංගලන්තයේ වේගයෙන් පැතිරෙන කොරෝනා ප්‍රභේදය මේ වන විට ලංකාවට පැමිණ තිබුණ ද ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

එම වෛරස් ප්‍රභේදය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෙසනිකා කොවිෂිල්ඩ් සහ ෆයිසර් එන්නත් සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වන බව ද ඇය සඳහන් කළා ය.

සෙසු එන්නත් මෙම වෛරස් ප්‍රභේදය සඳහා ඔරොත්තු දෙන්නේ ද යන්න පිළිබඳ තවමත් පරීක්ෂණ සිදුකර නොමැති බව ද මහාචාර්යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ එන්නත් කරනු ලබන්නේ ද එම වෛරසය සඳහා ඔරොත්තු දෙන ඇස්ට්‍රෙසනිකා කොවිෂිල්ඩ් එන්නත ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *